පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිවිල් වැසියන් 89 දෙනෙකු සිය නිවෙස් වෙතට

දෙසැම්බර් 08, 2020

ඉතාලියේ සිට නැවත මෙරටට පැමිණි 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පලාලිහි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී, නියමිත නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ඊයේ (දෙසැම්බර් 7) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

පිරිමි 37 ක් හා කාන්තාවන් 52 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනය සඳහා තම නිවෙස්වල රැඳී සිටින ලෙසට උපදෙස් ලබාදී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.