කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා පිළිගනී

ජනවාරී 30, 2023

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් පසුගියදා සංවිධානය කරන ලද චාම් උත්සවයකදී විශ්වවිද්‍යාලයීය කුලපති ධූරයෙන් නික්ම යන ජෙනරල් ජෙරාඩ් හෙක්ටර් ද සිල්වා (විශ්‍රාමික) වෙත සමුදීම සහ නව කුලපති ලෙස පත්වූ ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) පිළිගැනීම සිදුකරනු ලැබීය.

එම අවස්ථාවේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් ධූරයෙන් නික්ම යන කුලපතිවරයා විසින් සිදුකරන ලද සේවය අගය කළ බව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය ආරංචි මාර්ග පවසයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපති, ජෙනරල් කෝට්ටේගොඩ කීර්තිමත් හමුදා සේවා කාලයකින් අනතුරුව බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ  ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙසද කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට මෙට්‍රොපොලිටන් සහ දක්‍ෂිණ මණ්ඩපයේ මණ්ඩපාධිපතීන්, නියෝජ්‍ය උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ විද්වතුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.