දීඝවාපී ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනයට

දෙසැම්බර් 09, 2020

දීඝවාපී  ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (දෙසැම්බර් 8) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විය.

ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මෙම රැස්වීමේ මුලසුන දැරීය.

මෙම රැස්වීමේදී සම්මත තත්වයේ ගඩොල් නිෂ්පාදනය හා සැපයීම, පූජනීය ධාතූන් තැන්පත් කිරීම, කාල කලමනාකාරනය, ඇස්තමේන්තු කිරීම, මූල්‍ය කටයුතු, සැපයුම්, පරිපාලනය, අධීක්ෂණය, ශ්‍රම  සහාය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ දෛනික ප්‍රගතිය සටහන්  කිරීම යන කරුණු  හා  ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව   සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ඇති කාර්යයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.  

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක,  නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ. සී. ගමගේ, ජනාධිපති කාර්යය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින්, තාක්ෂණික නිලධාරින්, සිවිල් ඉංජිනේරුවන්, ව්‍යාපෘති හා මූල්‍ය කළමනාකරුවන් ඇතුළු පිරිසක්  මෙම රැස්වීමට සහභාගී වූහ.