හමුදා සාමාජිකයින් සඳහා සහන මිලට සිමෙන්ති ලබාදීමට INSEE සිමෙන්ති සමාගම සහ ආරක්‍ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක්

ජනවාරී 30, 2023

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා සහන මිලකට සිමෙන්ති ලබාදීමට INSEE සිමෙන්ති සමාගම ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ අද (ජනවාරි 30) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි.
 
ඒ අනුව, INSEE සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා විසින් යුද, නාවික සහ ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂකවරුන් වෙත සංකේතාත්මක වවුචර් පත් ප්‍රදානය කිරීම සිදුවිය.

ආරක්‍ෂක ලේකම් ‌ෙජනරල් කමල් ගුණරත්න INSEE සිමෙන්ති සමාගම විසින් ලබාදුන් මෙම සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, INSEE සිමෙන්ති සමාගමේ බාහිර කටයුතු සහ නාලිකා සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර, අධ්‍යක්‍ෂ - වාණිජ නන්දන අමුණුතුඩුව, සාමාන්‍යාධිකාරී - විකුණුම් ෂාෆී ඛාන්, අලෙවි ප්‍රධානී ගයානි පෙරේරා, නාලිකා සංවර්ධන කළමණාකරු මධුර ප්‍රනාන්දු, විධායක - නාලිකා කෝලිත හර්ෂණ සහ ත්‍රිවිධ හමුදාවේ සුභසාධක අධ්‍යක්‍ෂවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.