නිදහස් දින පෙරහුරු කටයුතු ආරක්‍ෂක ලේකම්ගේ අධීක්‍ෂණයට

පෙබරවාරි 02, 2023

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබරවාරි 02) උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේදී ජාතික නිදහස් දින පෙළපාලියේ පෙරහුරු කටයුතු අධීක්‍ෂණය කළේය.

ජෙනරල් ගුණරත්න ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද සමඟින් ත්‍රිවිධ හමුදා පෙළපාලිය, සන්නද්ධ රථ, අවි ආයුධ සහ ආරක්‍ෂක විධිවිධාන ආදි කටයුතු පිලිබඳව සොයාබලා ඒ සඳහා අවැසි උපදෙස් ලබා දීම සිදුකරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික), ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සංවිධායක කමිටු සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ සඳහා සහභාගි විය.