බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරු ගැටළු විසඳීමට රණවිරු සේවා අධිකාරියේ සභාපතිගේ ප්‍රධානත්වයෙන්

පෙබරවාරි 10, 2023

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව දිවයිනේ දිස්ත්‍රික් මට්ටමෙන් රණවිරුවන් වෙත ගොස් ඔවුන්ගේ ගැටළු සොයා බලා ඒ සඳහා එකම ස්ථානයකදී පිළිතුරු සැපයීමේ ජංගම වැඩසටහන් මාලාවේ සිව්වන වැඩසටහන පසුගියදා බදුල්ල මහ නගර සභා ශාලාවේදී  සාර්ථකව පැවැත්වීය.

මෙම විශේෂ ජංගම රණවිරු සුබසාධන වැඩසටහනේදී බදුල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සාමාජිකයන් මුහුණ දෙන ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කරන ලද අතර ඒවාට විසඳුම් ලබා දීම ද සිදු කරන ලදී.