ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා දැක්ම ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී

දෙසැම්බර් 10, 2020

නාවික හමුදාවේ 70 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් ‘මෙය ඔබේ නාවික හමුදාව’ සහ ‘ඔබේ නාවික හමුදාව දැනගන්න’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ නැංගුරම් ලා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරංචි මාර්ග වලට අනුව නෞකාවන් දෙසැම්බර් 13  වනදා දක්වා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරය අවට රැඳී සිටියි.

රටේ පළමු ආරක්ෂක වළල්ල වන නාවික හමුදාව සිය 70 වන සංවත්සරය  අභිමානයෙන් ඊයේ (දෙසැම්බර් 09)  සමරනු ලැබුවේ ය.

Sinhala.