යුධ හමුදාව කිරි නිෂ්පාදනය ආරම්භ කරන ලදී

දෙසැම්බර් 10, 2020

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදා  කන්දකාඩු  ගොවිපොළේ නැවුම් කිරි බෝතල් 1,000 ක් නිෂ්පාදනය කර තිබේ.

මෙම නිෂ්පාදන යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සුභසාධන වෙළඳසැල් හරහා යුද්ධ හමුදා සාමාජිකයින් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇත.

මේ අතර, මිලි ලීටර් 300 ක ධාරිතාවයකින් යුක්ත මෙම බෝතල් කළ නැවුම් කිරි වැනිලා හා චොකලට් ඇතුළු විවිධ රසයන්ගෙන් සමන්විත වන අතර කැන්දලන්ද, මැනිං ටවුන්, රුක්මල්ගම, පානලුව, ජාවත්ත, වත්තල සහ රෙජිමේන්තු සුභසාධන වෙළඳසැල් හරහා විකිණීමට ඇත.

යුධ හමුදාපතිගේ අදහසක් යටතේ යුද්ධ හමුදාව ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් යුතුව යුධහමුදා සේවාවනිතා ඒකකය විසින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් කන්දකාඩු හමුදා ගොවිපොළේ දිනකට බෝතල් 1,000 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර කිරි නිෂ්පාදන සඳහා පුහුණුව ලැබූ හමුදා සාමාජිකයන් 35 දෙනෙකු සේවයේ යොදවා ඇත.

වැඩිවන ඉල්ලුම අනුව ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ව්‍යාපෘතිය තබුත්තේගම නිරාවිය ගොවිපලේ ද පුළුල් කිරීමට සැලසුම් කර ඇත.