විකිරණශීලී ද්‍රව්‍ය උපකරණ කට්ටලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබේ

දෙසැම්බර් 10, 2020

සූර්ය බලශක්ති, සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය ගරු. දුමින්ද දිසනායක මහතා විශේෂ විකිරණශීලී ද්‍රව්‍ය හඳුනාගැනීමේ  සහ විකිරණශීලී මිනුම් උපකරණ කට්ටලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරණ ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරන මහතා විසින් ඊයේ (දෙසැම්බර් 9) කොළඹ  එම අමාත්‍යාංශයේදී මෙම පරිත්‍යාගය ලබා ගන්නා ලදී.

මෙම කට්ටලය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (CBRNE) අංශයේ හැකියාවන් වැඩි දියුණු කරනු ඇත.

ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව අදාළ පාර්ශවකරුවන්ට ආධාර සපයයි.

ශ්‍රීලංකා ගුවන් හමුදාව යනු ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව  සමඟ සහයෝගයෙන් රට තුළ ඇතිවිය හැකි න්‍යෂ්ටික හෝ විකිරණශීලී තත්වයකට ප්‍රතිචාර දක්වන සහ පාලනය කරන ප්‍රධාන පාර්ශවකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවෙහි සභාපති ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා සහ එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එල්. අනිල් රංජිත් මහතා මෙ සඳහා සහයෝගය දැක්වීය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් හරහා ගමන් කරන න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය හඳුනා ගැනීම පිළිබඳ ප්‍රධාන වගඋත්තරකරු වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂක සහ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (CBRNE) අංශයේ හි අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.