මොණරාගල රණවිරුවන් වෙත ආබාධිත සහයක උපකරණ බෙදාදෙයි

පෙබරවාරි 27, 2023

මොණරාගල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද නියෝජනය කරන රණක්ෂිතයට පත් රණවිරුවන් වෙත ආබාධිත සහයක උපකරණ ලබා දීමක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොණරාගලදී පැවැත්වීය.