ඩුබායි Grand Prix මළල ක්‍රීඩා තරඟාවලියේ රන් පදක්කමක්
රණවිරු අනිල් ප්‍රසන්න දිනාගනී

මාර්තු 02, 2023

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන බළලත් නිලධාරි II අනිල් ප්‍රසන්න ජයලත් T42 කාණ්ඩය නියෝජනය කරමින් 2023 පෙබරවාරි මස 28 වැනි දින ඩුබායි හිදී පැවැත්වූ Grand Prix මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

තවද, බළලත් නිලධාරි II අනිල් ප්‍රසන්න ජයලත් මීළඟ පැරා ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කිරීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේය.