ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන කණ්ඩායම දකුණු සුඩාන් ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සදහා පිටත්ව යනලදී.

දෙසැම්බර් 10, 2020

දකුණු සුඩාන් ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් (UNMISS) යටතේ ඇති ගුවන් ඒකකයේ 5 වන බලකාය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන කණ්ඩායම අද (දෙසැම්බර් 10) උදෑසන රටින් පිටත්ව ගියහ.

ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 52 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දකුණු සුඩානය බලා පිටත්ව යනලදී.