අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ
අභිමානවත් 30 වන සංවත්සරය අද

මාර්තු 16, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් ඉටු කරන අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ අභිමානවත් 30වන සංවත්සරය අදට යෙදී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 6 බලඝණය 1993 මාර්තු මස 15 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද අතර, උතුරු නැගෙනහිර යුද පිටියේ කරන ලද සියලුම මෙහෙයුම් අතරතුර තුවාල ලත් සෙබළුන් ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් සිදුකර දස දහස් ගණනක් වූ සොල්දාදුවන්ගේ ජීවිත බේරාගැනීමට ඝෘජු දායකත්වය දක්වා තිබේ.

තවද, අංක 06 ප්‍රවාහන හෙල්කොප්ටර් යානා බලඝණය සිදුකලා වූ සුවිශේෂී මෙහෙවර ඇගයීමට ලක්කරමින් ජනාධිපතිවරයා විසින් 2021 වර්ෂයේදී මෙම බලඝණය වෙත ජනාධිපති වර්ණ ප්‍රදානයක් ද සිදුකර තිබේ.

අංක 06 ප්‍රවාහන හෙල්කොප්ටර් යානා බලඝණයේ වත්මන් අණදෙන නිලධාරී ලෙස ගෘප් කැප්ටන් ටිරෝන් මුණසිංහ කටයුතු කරයි.