58 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වාර්ථා පිහිටුවයි

මාර්තු 31, 2023

දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 58 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී රිටි පැනීම, මීටර් 10000 ඇවිදීම (පිරිමි සහ කාන්තා කාණ්ඩ) නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වාර්තා 3 ක් පිහිටුවීමට සමත්වූහ.

ජාතික වාර්ථා පිහිටවූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

රිටි පැනීම (පිරිමි) - - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එස්.ඊ. ජනිත් (මීටර් 5.16)

මීටර් 10000 ඇවිදීම (පිරිමි) - - ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.එච්.එස්.එන්. ප්‍රනාන්දු (කාලය 45.12.22)

මීටර් 10000 ඇවිදීම (කාන්තා) - - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් යූ.වී.කේ. මදිරිකා (කාලය 49.25.97)