ජාතික සංවර්ධනය සඳහා ජනතාව අතර සමඟිය සහ සහජීවනය අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා පවසයි

අප්‍රේල් 06, 2023
  • බේරුවල ඉස්ලාමීය රාමසාන් උපවාසය නිමකිරිමේ දෛනික ‘ඉෆ්තාර්’උත්සවය සඳහා සහභාගි වේ.
  • ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රට දරුණු ආර්ථික අර්බුදයකින් ගොඩ ආ බව කියයි.
  • රජය අපරාධ රැල්ල මැඬලීම සඳහා ඵලදායී පියවර ගෙන ඇත.

පසුගිය කාලයේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජය ගත් විශේෂ උත්සහයේ ආර්ථික ප්‍රතිලාභ මේ වන විට ජනතාව භුක්ති විඳීමට පටන් ගෙන ඇති අතර, ඉදිරියට යාමට නම් සියලු ජනතාව ජාතික සංවර්ධනය වෙනුවෙන් එකමුතු වී සහජීවනයෙන් කටයුතු කළ යුතු බව ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (අප්‍රේල් 05) බේරුවල පැවති ‘ඉෆ්තාර්’ ඉස්ලාමීය රාමසාන් උපවාස උත්සවයකට සහභාගි වෙමින් පැවසිය.

ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ දැඩි ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට මෙන්ම අපරාධ රැල්ල මැඬපැවැත්වීමට සහ එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම අපට පැවරී ඇති බව මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසීය. අපි මර්ධනකාරී ප්‍රතිපත්තියක් විශ්වාස නොකරන අතර, ජන ජීවිතය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවද ඔහු පැවසීය.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා බේරුවල චීන කොටුවේ ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා පැමිණි අවස්ථාවේදී බේරුවල ප්‍රභූ නියෝජිත පිරිසක් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, පසුව සම්ප්‍රදායිකව පැවැත්වෙන උපවාසය අත්හැරීම සඳහා අසුන් ගන්නා ලදි.

ජනතාව අතර එකමුතුකමේ අවශ්‍යතාවය අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා, “නව ජනාධිපතිවරයෙකුගේ සහ නව රජයක නායකත්වය යටතේ අපි නව දැක්මක් ඇතිව කටයුතු කරනවා” යැයි පැවසීය. "ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා විශ්වාසය හා එකමුතුකම ගොඩනැඟීම සඳහා පළමුව ජනතාව අතර පවතින අවිශ්වාසය සහ අසමගිය ඉවත් කළ යුතු බවටත්, සමගියෙන් සහ සහජීවනයෙන් කටයුතු කරන ලෙසටත් මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි", ඔහු පැවසීය.

ප්‍රජා නායකයින්, වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.