අසරණ පවුලක් සඳහා යුධ හමුදාව නිවසක් ඉදිකරයි

දෙසැම්බර් 12, 2020

තවත් ප්‍රජා සුභසාධන වැඩසටහනක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාව සීගිරිය කිඹිස්ස ප්‍රදේශයේහි අගහිඟකම් ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලද අතර මෑතකදී චාම් උත්සවයක් සංවිධානය කර එම නිවස ප්‍රදානය කරන ලදී.

පවුලේ අසරණ තත්ත්වය අසල්වැසියන් සහ ග්‍රාම නිලධාරිගේ දැනුම්දීමෙන් පසුව, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි 53 වන සේනාංකයේ සම්පත් යොදා ගනිමින් මෙම උදාර කර්තව්‍යය සිදුකරන ලදී.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (10) සෞඛ්‍යය ආරක්ෂණ මාර්ගෝපදේශ වලට අනුකුලව ඔවුන්ගේ ඥාතීන්, ගම්වැසියන්, හමුදා නිලධාරීන් සහ අනෙකුත් නිලයන්ගේ සහභාගිත්වයෙන් මෙම නව නිවස පරිත්‍යාග කිරිම සිදුකරන ලදී.