සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක‍්ෂ ජෙනරාල් ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවේ

අප්‍රේල් 12, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්ෂ ‌ජෙනරාල් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන (විශ්‍රාමික) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව අද (අප්‍රේල් 12) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ‍ නව අතිරේක අධ්‍යක‍්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සුදර්ශන සමඟ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවක නිරත විය.

මෙහිදී, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් දැනට සිදුකරනු ලබන සේවාවන් අගය කළ රාජ්‍ය අමාත්‍යවරයා එහි සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක සැලසුම් සහ මාර්ග පිළිබඳව ද සිය අවධානය යොමු කළේය.

සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා නව අතිරේක අධ්‍යක්ෂ ‌ජෙනරාල් වෙත සිය සුභාශිංසන පළ කළ අතර ඔහුගේ ඉදිරි රාජකාරි කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

අප්‍රේල් 04 වන දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමේ ලිපිය ලබාගත් රියර් අද්මිරාල් සුදර්ශන ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35කට වැඩි කාලයක් සේවය කර ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.