ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතික අනුස්මරණ දිනය සමරයි

අප්‍රේල් 25, 2023

වාර්ෂිකව පවත්වනු ලබන ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතික අනුස්මරණ දිනයේ සැමරුම් උත්සවය අද (අප්‍රේල් 25) කොළඹ 5, ජාවත්ත සුසාන භූමියේදී පැවැත්විණි.

අද පෙරවරුවේ පැවති එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාද එක්විය.

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා, නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මැතිතුමා, තුර්කියේ තානාපති අතිගරු රකීබ් ඩෙමෙට් මැතිතුමා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙහිදී සමරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සහභාගි වූහ.

පළමුවන ලෝක සංග්‍රාමයේදී ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා විසින් සිදු කරන ලද පළමු ප්‍රධාන හමුදා ක්‍රියාමාර්ගයේ සංවත්සරය අප්‍රේල් 25 වන දින සනිටුහන් කරයි.

ආගමික නායකයින්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.