තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්
නිවේදනයක්

මැයි 04, 2023

අද (මැයි 04) පස්වරු 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර සහ වයඹ පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40-50 ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බව එහි සඳහන් වේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.