වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත් කෙරේ

මැයි 04, 2023

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (04) පෙරවරුවේ එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේය.

රාජාභිෂේක දේව මෙහෙය මැයි 06 සෙනසුරාදා පෙරවරු 11 ට වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී (Westminster Abbey) ආරම්භ වේ.

ඒ අනුව වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත් කර තිබේ.