රුසියානු ජයග්‍රාහී දින සැමරැම් උත්සවය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

මැයි 05, 2023

වාර්ෂිකව පැවැත්වෙන රුසියානු ජයග්‍රාහී දින සැමරැම් උත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගීත්වයෙන් (මැයි 04) බ්‍රහස්පතින්දා දින කොළඹ පිහිටි යුද ස්මාරකයේදී පැවැත්විණි.

රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Levan S. Dzhakaryan මැතිතුමා ඊයේ සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා පිළිගත්තේය.
 
රුසියානුවන් සෑම වසරකම මැයි 9 වන දින මහා දේශප්‍රේමී යුද්ධයේ අවසානය සමරයි.
 
ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍ර රටවල් 11කට රැගෙන යන මහා සංග්‍රාමයේ ‘නාඳුනන සොල්දාදුවා’ අනුස්මරණය කරමින් රුසියානු ජනප්‍රිය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන Soslan Fidarov  විශේෂ ගිනිසිළුවක් රැගෙන මෙහි පැමිණ තිබුණි.
 
සම්භාවනීය අමුත්තන් සහ රුසියානු තානාපති කාර්යාල නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.