මැයි 13, 2023

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ පාසල් මාර්ග ආරක්ෂණ සතියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂඥ කමිටුව සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මැතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අතර ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, මැයි 12 සිට 16 දක්වා දිවෙන එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියට සමගා මීව පා සල් දරුවන් ඉලක්ක කරගත් මෙම මා ර්ග ආරක්ෂණ සතිය පැවැත්වේ.

පාසල් දරු දැ රියන් මා ර්ග අනතුරුවලින් වළක්වා ගැනීමත් පාසල් පිහිටි කලාපයන් මාර්ග අනතුරු මුක්ත සුරක්ෂිත කලාප බවට පරිවර්තනය කරගැනීමත් ඉලක්ක කරගෙන දරු දැරියන් දැනුවත් කිරීම, මාර්ගයේ විනය ආරක්ෂා කිරීම සහ එවැනි විනයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම සඳහා වූ දැක්මක් ප්‍රායෝගික කිරීමේ මුල් පියවර ලෙස මෙම මාර්ග ආරක්ෂණ සතිය ප්‍රකාශයට පත් කර ඇත.

අධ්‍යා පන අමා ත්‍යාංශයේ විෂය සමගාමි මාර්ගෝ පදේශ හා උපදේශන ශාඛාව මගින් නිකුත් කළ අංක 16/201 හා ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන පාසල් සුරක්ෂිතතා මාර්ගෝ පදේශ සංග්‍රහයෙහි අංක 2 හි 2.2.3 සඳහන් පෙර සූදා නම් හා හදිසි ප්‍රතිචා ර කමිටුව යටතේ මෙම වැ ඩසටහන ක්‍රියා ත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන කලාප ආපදා කළමනා කරණ විෂය භාර නිලධාරීන් සහ පළාත් විෂය භාර නිලධාරින් විසින් අධීක්ෂණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් දී තිබේ.

පාසල් දරුවන් ඉලක්ක කරගෙන මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ ඇයි

පාසල් දරුවන් විෂයෙහි මෙවැ නි වැ ඩසටහනක් ක්‍රියා ත්මක කිරීම සඳහා  ශ්‍රී ලංකා  වෛද්‍ය සංගමය අධ්‍යා පන අමා ත්‍යවරයා ගෙන් ඉල්ලිමක් සිදුකළේ  සිදුවෙමින් ඇති මා ර්ග අනතුරුවලින් හෙළිවන බිහිසුණු සමාජ ආර්ථික ව්‍යසනය පිළිබඳව කළ ඇගයීමකින් අනතුරුවය.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වයස අවුරුදු 19ට අඩු දරුවන් වැඩි වශයෙන්ම මියයන්නේ රිය අනතුරුවලිනි. එම සංවිධානයට අනුව ලෝකයේ රිය අනතුරු බහුලව සිදුවෙමින් ඇත්තේ අඩු ආදායම් සහ මැදි ආදායම් රටවලය.

මේ රට සෑම පැය 4කටම වරක් මිනිසෙක් මහ මග මිය යන රටකි. පසුගිය වසරේ රටේ රිය අනතුරු මරණ සංඛ්‍යාව 2515කි. 2021 එම මරණ සංඛ්‍යවා ව 2513කි. කොවිඩ් හේතුවෙන් රට වසා දමා තිබූ වර්ෂ 2020 දීත් රිය අනතුරු මරණ 2363ක් වාර්තා වී තිබිණි. කොවිඩ් සමයේත් වාර්තා වී තිබුණු සමස්ථ රිය අනතුරු ප්‍රමාණය 21953කි.

දරුවන්ගේ මරණ ඛේදවා චකය වන්නේ මේ අනතුරු ප්‍රමාණයෙන් අඩුම තරමින් සියයට 15ක් මිය ගොස් ඇත්තේ අවුරුදු 19ට අඩු පාසල් දරුවන්ද අයත්වන වයස් ඛාණ්ඩයේ පිරිස වීමය.

වර්ෂ 2022 දී රිය අනතුරු නිසා වයස අවුරුදු 19ට අඩු දරුවෝ 400 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් සිටියහ. දළ වශයෙන් එය සමස්ත රිය අනතුරු මරණවලින් සියයට 16ක ප්‍රතිශතයකි. තේරුම් ගත යුත්තේ දරුවන් විෂයෙහි මහා මාර්ගය සුරක්ෂිත තැනක් බවට පත් කිරීමට ජාතියක් ලෙස අප අපොහාසත් වී ඇති බවය. එවැනි විනයක් නිර්මාණය කරන්නට තරම් උසස් සමාජ දැක්මක්, පරාර්ථයක් අප සතුව තිබී නැති බවය.

කිසිම දියුණු සමාජයක් සිහිනයෙන් පවා නොසිතන තරමට අපේ පාසල්‍ ප්‍රවාහන සේවා ගර්හිතය. අනතුරුදායකය. රටේ අබලන්ම පැ රණිම ගර්හිතම වා හන යො දවා  ඇත්තේ රටේ වටිනා ම සම්පත වූ පා සල්  දරුවන් ප්‍රවා හනය සඳහා ය. ත්‍රී රෝ ද රථවල දරුවන් පා සල වෙත රැගෙන එන ආකා රයේ කිසිම ආරක්ෂිත නියා මනයක් නැ ත. අඩුම  තරමින් පා සලට යතුරු පැ දියේ රැගෙන එන දරුවා ට හිස් ආවරණයක් පැ ළඳවීමට විනයක් නැ ති වැ ඩිහිටියෝ  මේ රටේ කො තෙකුත් වෙති. එවැ නි තැ කීමක් නැ ති සමා ජයක පා ර අයිනේ ගමන් කරන දරුවන්ගේ ජීවිත සම්බන්ධව සහතික විය නො හැ කිය.

සෑ ම වසරකම  වර්ෂා වසා නයේ මරණීය දත්ත ලෙස ප්‍රකා ශ වන්නේ මේ වගකීම් රහිත හැ සිරීමේ ස්වරූපය ය.

ඉලක්කගත අරමුණ පා සල් මා ර්ග ආරක්ෂණ සතියක් ප්‍රකා ශ  කළ පසු  එය සතියකට සීමා  නො කර  පා සල් මුල්කරගෙන උපදවන මේ නව දැ නුම  සංස්කෘ තියක් දක්වා   වර්ධනය කරන ක්‍රියා වලිය අඛණ්ඩව පවත්වා  ගැ නීමට අපි අපේක්ෂා  කරමු.

ඒ අවසාන වශයෙන් ආරක්ෂා ව පිළිබඳ විනයක් හා  පුරුද්දක් සහිත ශික්ෂිත අනා ගත සමා ජයක් ඇතිකිරීමේ අභිලා ෂයන් පෙරදැ රිවය.

එය රටක් ලෙස මේ මො හො තේ අතිශයින් ප්‍රමුඛ වී තිබේ. මිනිසා  විසින් නිර්මා ණය කරන බිහිසුණුම ආපදා ව වන්නේ රිය අනතුරුය. ඉන් සිදුවන සමා ජ ව්‍යසනය තවමත් මේ රට තුළ ගණනය කර නැ ත. නමුත්  ලෝ ක බැංකුව විසින්  ප්‍රකා ශිත මේ ව්‍යසනය රටක ආර්ථිකය බිඳ දමන ආකා රය පිළිබඳව යම් අදහසක් ඇති කරගත හැ කිය.

ශ්‍රී ලංකා වේ දළ ජා තික නිෂ්පා දිතය ඇමරිකා නු ඩො ලර් බිලියන 89කි. එනම් ශ්‍රී ලංකා  රුපියල් බිලියන 28,500කි. ලෝ ක බැංකු නිර්නා යකයන්ට අනුව මා ර්ග අනතුරු හේතුවෙන් රටකට  සිදුවන ආර්ථික  හා යනය දළ ජා තික නිෂ්පා දිතයෙන්  සියයට 3 සිට 5 කි.

එය අවමය වූ සියයට තුනක් සේ කල්පනා   කළද මා  ර්ග අනතුරු හේතුවෙන් වා ර්ෂිකව රටට අහිමිවන මුදල රුපියල් බිලියන 855 කි.  ඩො ලර් බිලියන 2.67 කි. විදේශ විනියම රහිතව ලෝ කය ඉදිරියේ සිඟමනට ඇදවැ ටුණු රටක් මේ ගර්හිත තත්ත්වය තුළම රඳවා  තබා  ගන්නට රිය අනතුරුවලින් සිදුකරන අවරෝ ධය කො පමණදැ යි සබුද්ධිකව තේරුම් ගත යුතු මො හො  ත එළඹී තිබේ.  

දිනපතා  අවුරුදු 19ට අඩු දරුවෙක් පා රේ මිය යන රටක රිය අනතුරු වැ ලැ ක්වීම සඳහා  වූ  සමා  ජ  සංශෝ  ධනය පා සල් සමාජයෙන් ආරම්භ කළ යුතු බව විශ්වාස කරමු.

ජා තික වශයෙන් වැ දගත් වැ ඩ සටහන ආවරණය කරන ලෙසත් ජා තියක් ලෙස මා ර්ග අනතුරු ව්‍යසනයෙන් ගො ඩ ඒම සදහා දරන මේ උත්සා හය සමග නිරන්තරව රැඳී සිටින ලෙසත් ගෞරවයෙන් යුතුව සියලු මා ධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමු.