සින්න සිප්පිකුලම් ප්‍රදේශයේ පැළ 300ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

දෙසැම්බර් 13, 2020

යුද හමුදාවේ 213 වන බලසේනාවේ භටපිරිස් විසින් සින්න සිප්පිකුලම් ප්‍රදේශයේ කුඹුක්, නා, අඹ ආදී පැළ 300 කට අධික ප්‍රමාණයක් රෝපණය කරනු ලැබීය.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ අත්වැල් බැඳගනිමින් මෙය සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 213 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රසික කුමාර සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ද සහභාගී වූහ.