සෙනසුරාදා දිනට පීසීආර් පරීක්ෂණ 17,425 ක්

දෙසැම්බර් 13, 2020

පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 760 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32,134ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 13 ) ප්‍රකාශ කරන ලදී.

ආසාදිතයින් අතුරින් සිව් දෙනෙක් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර මෙරටින් හඳුනාගත්  ආසාදිතයින් අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 397 ක් ද, මහනුවර  දිස්ත්‍රික්කයෙන් 55 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 136 ක් ද වේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව  28,498 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 19,896 ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර විදේශයන්හි සිට අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 430 ක් වන අතර ඔවුන්ගෙන් 51 ක් කටාර් සිට, 31 ක් මාලදිවයින සිට, 75 ක් ඕස්ට්‍රේලියාවෙන් ,210 ක් ජපානයෙන් සහ 63 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ  සිට පැමිණි අයවේ. ඔවුන් නිරෝධායනය සදහා යොමුකිරීමට නියමිතය.

ඊයේ (දෙසැම්බර්  12) පීසීආර් පරීක්ෂණ 17,425 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළෑක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

පසුගිය පැය 24 තුළ කොළඹ 15 සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශ වලින් කොරෝනා මරණ දෙකක්  වාර්තා වූ අතර ඒ අනුව මෙරට තුළින් වාර්තා වන මුළු කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 149 කි.

පුද්ගලයන් 6,754 දෙනෙක් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 67 ක නිරෝධායනය වෙමින් පවතී.