නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් තුමන්ගෙන්
රණවිරු කොඩියට දායකත්වයක්

මැයි 31, 2023

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ස් රුවන්චන්ද්‍ර මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම අද දින සිදුකරන ලදි.

මෙම හමුවේදී රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂක තුමන් විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සැපයුම්කරුවන් හා ඒ හා සම්බන්ධ වන පෞද්ගලික ආයතන සහ ආයෝජකයන් දැනුවත් කරමින් රණවිරු සේවා අධිකාරියේ සුභසාධන ව්‍යාපෘතීන් සඳහා ඔවුන් සම්බන්ධ කරවීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට එකඟතාවය පළ කරන ලදි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදුකරන ලදි.