නීති විරෝධී කහ තොගයක් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනී

දෙසැම්බර් 14, 2020

ආරක්‍ෂක සේනා මුලස්ථානය වන්නි යටතේ ඇති 54 වන සේනාංකයේ භට පිරිස් විසින් සෙනසුරාදා (12) මන්නාරම පල්ලිමුනේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කහ කිලෝග්‍රෑම් 1560 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 9.3 ක් පමණ වටිනා කහ තොගය සමඟ සැකකරු වැඩිදුර පරීක්‍ෂණ සඳහා මන්නාරම් පොලිසිය වෙත භාර දී ඇත.

මේ අතර එදිනම 15 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් රුපියල් මිලියන 5.34 ක් වටිනා නීති විරෝධී කහ කිලෝග්රෑම් 890 සමඟ සැකකරුවන් දෙදෙනෙකු කුංචිකුලම් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරම් කරන ලද මෙම අමු කහ තොගය මන්නාරමේ සිට කල්මුනේ දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාල කහ තොගය, සැකකරුවන් සහ වාහනය වැඩිදුර පරීක්‍ෂණ සඳහා මඩු පොලිසිය වෙත භාරදී තිබේ.