අනතුරකට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක්‍
නිරුපද්‍රිතව නාවික හමුදාව බේරාගනියි

ජුනි 08, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව බදාදා (ජුනි 07) දින උදෑසන යාපනයේ ඩෙල්ෆ් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරකට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිරවී සිටි 38 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බේරා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ආරංචි මාර්ග වලට අනුව ඊයේ උදෑසන පුංගුඩුතිව් දූපතේ කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට පුද්ගලයින් 38 දෙනෙකු සමඟ ඉදිකිරීම් ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කාලි අම්බාල් 2 ට්‍රෝලර් යාත්‍රාව මෙසේ අනතුරට පත් වි ඇති අතර ඩෙල්ෆ් ජැටිය පිවිසුමේ බාදිය අඩුවීම හේතුවෙන් යාත්‍රාවේ පතුල මුහුදු පත්ලේ ගැටී යාත්‍රාව සිදුරු වීම හේතුවෙන් මුහුදු ජලය නෞකාව තුලට කාන්දු වීමට පටන් ගෙන ඇත.

උතුරු නාවික විධානය වෙත ලද ආපදා ඇමතුමකට ප්‍රතිචාර දක්වමින්, නාවික නෞකා වසභ ආයතනය වෙතින් සහය සඳහා වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා කඩිනමින් පිටත් කර ඇති බව එහි සඳහන් වේ.

නාවික හමුදාව විසින් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී සිදුකල මෙම මෙහෙයුම හේතුවෙන් ජීවිත හා දේපළවලට සිදුවිය හැකි වළක්වා ගැනීමට හැකි වූ අතර ඩෙල්ෆ් ජැටියේ පිවිසුමේදී ට්‍රෝලර් යාත්‍රාව ගිලි ගියේ නම්‍ ඩෙල්ෆ් දූපත වෙත සිදුකරනු ලබන පරිපාලන කටයුතු සහ ප්‍රවාහනයට ඇති විය හැකි බාධාවන්ද වළක්වා ගැනීමට හැකි වූ බව එහි සඳහන් වේ.