කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය උපාය මාර්ගික
ඇගයීම් මධ්‍යස්ථානයක් පිහිටුවයි

ජුනි 08, 2023

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨය ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂක පාලනය සඳහා වන ආයතනයේ (ISG) සහාය ඇතිව උපක්‍රමික ඇගයීම් මධ්‍යස්ථානයක් (CSA) පිහිටුවා ඇත.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය මාධ්‍ය මූලාශ්‍රවලට අනුව උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානය ආරම්භක වැඩමුළුවක් උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස්ගේ සහභාගීත්වයෙන් (ජුනි 06) අඟහරුවාදා ආරක්‍ෂක හා උපක්‍රමික අධ්‍යයන පීඨයේදී පවත්වන ලදී.

උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය හරින්ද විදානගේ කටයුතු කරන අතර, ආචාර්ය සනත් ද සිල්වා වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කරයි. උපක්‍රමික අධ්‍යයන පීඨයේ පර්යේෂණ සම්බන්ධීකාරක සහ පර්යේෂණ නිලධාරිගේ සහාය ඇතිව, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ පර්යේෂණ නිලධාරීන් තිදෙනා හරහා ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ වන බව එම මාධ්‍ය මූලාශ්‍ර පවසයි.

උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානයක් පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ ප්‍රතිපත්ති සම්පාදනයේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමයි. විශේෂඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ පාර්ශවකරුවන්ගේ සහය ඇතිව විවිධ ප්‍රතිපත්තිමය ගැටළු සදහා තක්සේරු කිරීම් සහ විශ්ලේෂණයන් සපයන අතරම එය උපායමාර්ගික තීරණ ගැනීමේදී සහය වනු ඇත.

නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) බ්‍රිගේඩියර් ඩී.සී.ඒ වික්‍රමසිංහ වැඩමුළුවේ සමාරම්භක දේශනය කළ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂක පාලනය සඳහා වන ආයතනයෙහි නියෝජිතයින්, ආචාර්ය ඔස්කාර් ඩි සෝටෝ, ආචාර්ය බරක් සල්මෝනි, මැක්ස් කෙලී, මැට් ඈෂ්ලි, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපක්‍රමික අධ්‍යයන පීඨයෙහි පීඨාධිපති, දෙපාර්තමේන්තු ප්‍රධානී ඇතුළු නිලධාරීන්, පර්යේෂණ සම්බන්ධීකාරක සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද වැඩමුළුවට සහභාගී වූහ.