ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පුහුණු පාසලක් පිහිටුවීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා
ප්‍රංශ තානාපතිවරයා සමඟ සාකච්ඡාවක

ජුනි 09, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු Jean-François Pactet මැතිතුමා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා බ්‍රහස්පතින්දා දින (ජුනි 08) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා තානාපති Pactet මැතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඔහු සමඟ සුහද කතාබහක නිරත විය.

1948 වසරේ සිට ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා වසර 75ක් පුරා විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා පැවති බවත්, එය තවත් වසර ගණනාවක් පැවතිය යුතු බවත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සාක්ෂරතාවයක් ඇති රටක් බැවින් දෙරටටම ප්‍රයෝජනවත් වන සමුද්‍ර පුහුණු පාසලක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේ හැකියාව අධ්‍යයනය කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කෙරිණි.

ප්‍රංශ තානාපතිවරයා සමඟ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Aurélien Maillet සහ සමුද්‍රීය ආරක්‍ෂාව භාර හමුදා තාක්ෂණික සහයෝගීතා නිලධාරි, කමාන්ඩර් Jean-Baptiste Trouche ද එක්ව සිටියහ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර ද සහභාගි විය.