යුධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩකයාට ජාත්‍යන්තර තරඟාවලියකින් ලෝකඩ පදක්කමක්

ජුනි 14, 2023

පසුගියදා මාලදිවයිනේ පැවති ජාත්‍යන්තර අභියෝගතා බැඩ්මින්ටන් තරගාවලියේ (පිරිමි යුගල) ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබල බී.ඩී.ඩී.ටී ගුණතිලක විසින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය.

විරේන් නෙත්තසිංහ සහ ගුණතිලක යුගල ඉසව්වට තරඟ කල බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

Li-Ning අනුග්‍රහකත්වයෙන් ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙම තරඟාවලිය සංවිධානය කර ඇත.

Sinhala.