රණවිරු සේවා අධිකාරියට රණවිරු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූල්‍යාධාර ලැබේ

දෙසැම්බර් 14, 2020

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති සහ වර්තමාන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායකගේ මැදිහත්වීම මත රණවිරු සේවා අධිකාරියට මූල්‍ය පරිත්‍යාග ලැබිණි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීරගේ ඉල්ලීමකට අනුව දෙසැම්බර් 11 වන දින රණවිරු සේවා අධිකාරිය වෙත මෙම මූල්‍ය පරිත්‍යාගය ලැබුණි.

රණවිරු දරුවන් 208 දෙනෙකුට මෙම පරිත්‍යාගයෙන් ප්‍රතිලාභ හිමිවේ.

මෙම අවස්ථාවට ප්‍රධාන විධායක නිලධාරී ජැක් හුවාං මහතා, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තවල පරිපාලන කළමණාකරු ග්‍රාන්ට් යැං මහතා, කොළඹ ලොජිස්ටික්ස් සමූහයේ සමූහ උපදේශක මේජර් ජෙනරාල් චාගි පී. ගාල්ලගේ, හපග් ලියෝඩ් ලංකා (පුද්ගලික) සමාගමේ සහකාර උප සභාපති ලලිත් විතානාරච්චි මහතා, කොළඹ ඩොක්යාර්ඩ් පීඑල්සී හි සාමාන්‍යාධිකාරී ඩී වී අබේසිංහ මහතා නියෝජනය කරමින් තිමිර ගොඩකුම්බුර මහතා ඇතුළු පිරිස පරිත්‍යාගශීලීන් ලෙස සහභාගී විය.