Y-12 IV වර්ගයේ ගුවන් යානා 2ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ජුනි 19, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Y-12 IV වර්ගයේ ගුවන් යානා දෙකක් ලබාගැනීම සඳහා නිල ලේඛන භාරගැනීමේ උත්සවය චීනයේ ජාතික ගුවන් තාක්‍ෂණ ආනයන හා අපනයන සංස්ථාවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ලියු චුවාන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අතර පසුගියදා පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් වන ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ චීන ජාතික ගුවන් තාක්‍ෂණ ආනයන හා අපනයන සංස්ථාව අතර 2019 දී අත්සන් කරන ලදි.

ගුවන් හමුදා ආරංචි මාර්ගවලට අනුව Harbin Aviation Industry සමාගම විසින් නිෂ්පාදිත මෙම Y-12 IV යානා ගුවන් හමුදාවේ ගුවන් යානා බල ඇණියට සුවිශේෂී එකතු කිරීමක් වන අතර, මෙමගින් අප රටේ විවිධ ගුවන් සේවාවන් සහ මෙහෙයුම් ඵලදායි ලෙස ඉටුකිරීමටත් කලාපීය ආරක්‍ෂාව තවදුරටත් තහවුරු කිරීමටත් හැකි වන බව නොඅනුමානය.