ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලිකත්වයෙන් පාසල් සිසුන්ට පානීය ජලය

ජුනි 19, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිය 'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 56 වන අදියර යටතේ ඉමදුව, වතවාන ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ට අත්‍යවශ්‍ය පානීය ජල සම්පාදන පද්ධතියක් පසුගියදා (ජුනි 15) ස්ථාපිත කරන ලද බව ගුවන් හමුදා මාධ්‍ය පවසයි.

මෙමගින් පාසලේ ළමුන් 126 දෙනෙකුගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු ඇත.

කොග්ගල ගුවන් හමුදා කඳවුරෙහි අණදෙන නිලධාරී ගෲප් කපිතාන් තිළිණ රාජපක්ෂ විසින් පාසලේ පැවති උත්සවයකදී මෙම ව්‍යාපෘතිය සිසු දරුවන් සඳහා භාරදෙන ලදී.