ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ලෙබනනයේ ‘Steel Storm I – 2023’ අභ්‍යාසයට එක්වෙති

ජුනි 21, 2023

අර්ධ වාර්ෂිකව පවත්වනු ලබන ‘Steel Storm I - 2023’ සජීවී වෙඩි තැබීමේ ඒකාබද්ධ අභ්‍යාසය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය (UNIFIL) සහ එරට රාජකාරියෙහි නියුතු සන්නද්ධ හමුදාවන්ගේ (LAF) සහභාගීත්වයෙන් ජුනි මස 05 දින සිට 09 දින දක්වා ලෙබනනයේ දකුණු නකූරා කඳවුරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදෙස් වලට අනුකූලව පැවැත්වීය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ කණ්ඩායම්, ප්‍රංශ අතිරේක අණදෙන ඒකක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම, ඉන්දුනීසියානු යුද්ධ හමුදා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (Indo FPC), ටැන්සානියානු යුද්ධ හමුදා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම් ඒකකය (MPU) සහ මැරීන් බලකායෙහි භටපිරිස්වල සහභාගීත්වයෙන් සිදුකරන වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාසයේදී සැහැල්ලු අවි ජීව වෙඩි තැබීම සහ සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථයන්හි (APC) සවිකර ඇති යාන්ත්‍රික අවි ආධාරයෙන් වෙඩි තැබීමේ පුහුණුවීම්වල නිරත විය.

ලෙබනනයේ සේවයේ නියුතු 14 මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) නියෝජනය කරමින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් එස්.එම්.එන්.එම් මාන්නගේ ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සාමසාධක හමුදා සාමාජිකයින් 07 ක් සහ ක්‍ෂණික ප්‍රහාරක කණ්ඩායමේ (QRT) සාමාජිකයින් 04 දෙනෙකු ඇතුලුව සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථයන්හි රාජකාරි කරනු ලබන සාමාජිකයින් 02 දෙදෙනෙකු MPMG යාන්ත්‍රික අවි සමගින් මෙම අභ්‍යාසයට සහභාගී විය.

අනුග්‍රහය - www.army.lk