වැඩබලන ජපාන තානාපති වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ජුනි 21, 2023

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වැඩබලන ‍තානාපති ‍කොතාරෝ කට්සුකි මැතිතුමා වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ව පසුගිය අඟහරුවාදා දින  (ජුනි 20) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා කට්සුකි මැතිතුමා සමඟ ද්විපාර්ශීකව වැදගත් වන හා අන්‍යෝන්‍ය වශයෙන් අදාළ වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. දෙරට අතර පවතින සමීප සබඳතා තවදුරටත්  ශක්තිමත් කර ගැනීම සඳහා ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳව ද ඔවුහු වැඩිදුරටත් සාකච්ඡා කළහ.