‘Dupuy de Lôme’ නෞකාව කොළඹට එයි

ජුනි 21, 2023

නිල සංචාරයක් සඳහා ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව අද (ජුනි 21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

දිවයිනට පැමිණි මෙම නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබූ බව නාවික හමුදා මාද්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.

102.40m දිග ‘Dupuy de Lôme’ විද්‍යුත් චුම්භක පර්යේෂණ යාත්‍රාවක් වන අතර කාර්ය මණ්ඩලය 107 දෙනෙකුගෙන් සමන්විත වේ. එහි අණදෙන නිලධාරි ලෙස Commander Augustin Blanchet කටයුතු කරයි.

ප්‍රංශ කාර්ය මණ්ඩලය ලබන අඟහරුවාදා (ජුනි 27) දිවයිනෙන් පිටත්ව යාමට පෙර ආකර්ෂණීය දේශීය සංචාරක ස්ථාන කිහිපයක් නැරඹීමට නියමිතය.