ගිනස් පොතට ගිය වකුගඩු සැත්කම කළ යුද්ධ හමුදා වෛද්‍යවරයා
ජුනි 21, 2023දිලංක ගුණතිලක
රෝගියෙකුගේ වකුගඩුවක සෑදී තිබූ බරින් වැඩිම සහ දිගින් වැඩිම ගලක් සැත්කමකින් සාර්ථකව ඉවත් කර ගිනස් වාර්තාවක් පිහිටුවීමට පසුගිය දා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍යය කණ්ඩායමක් සමත් විය. මෙලෙස ඉවත් කෙරුනේ බරින් ග්‍රෑම් 801 ක් සහ දිගින් සෙන්ටිමීටර් 13.3 කට වැඩි බරකින් යුතු ගලක්. නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහලේදී පසුගිය දා සිදුකෙරුණු මෙම සැත්කම සඳහා යුද්ධ හමුදා රෝහලේ මෞත්‍රලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ සුදර්ශන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය කපිතාන් සුපුන් පතිරත්න, වෛද්‍යය කපිතාන් තමාෂා ප්‍රේමතිලක ඇතුළු වෛද්‍යය කණ්ඩායමක් මෙම සැත්කම සඳහා දායක වූ අතර සැත්කමේ නිර්වින්දන වෛද්‍යවරුන් වශයෙන් වෛද්‍යය කර්නල් යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ වෛද්‍ය කර්නල් සී.එස් අබේසිංහ දායකත්වය සැපයූහ.
මෙම සැත්කම සිදුකළ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍රලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ සුදර්ශන් සමඟ මේ පිළිබඳව සංලාපයක යෙදෙන්නට අපට හැකියාව ලැබිණ. මේ ඔහු අප සමඟ සිදුකළ සංලාපයයි.
ඔබව අපට හඳුන්වා දෙන්න හොඳම විදිහ මොකක්ද ?
මම විශේෂඥ වෛද්‍ය කේත සුදර්ශන්. මම අධ්‍යානය ලැබුවේ යාපනය සාන්ත ජෝන් විදුහලෙන්. මගේ වෛද්‍ය උපාධිය ලබා ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්. පස්සේ මම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරලා වසර 2015 සිට වසර 2017 වෙනකම් වසර දෙකක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි කිංග්ස් කොලේජ් රෝහලේ විදෙස් අධ්‍යාපනය හැදෑරුවා. "ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා මුලින්ම නාගොඩ රෝහලේ වැඩකලා. ඊට පස්සේ අවුරුදු දෙකක් අම්පාර රෝහලේ වැඩ කළා. එතනින් පස්සේ 2020 වසරේදී යුද හමුදාවට බැඳිලා වසර දෙකක් යුද හමුදා රෝහලේ සේවය කරනවා.
ඔබ යුද්ධ හමුදාවට බැඳුනේ ඇයි?
ඇත්තටම මම ඔය යුද්ධ හමුදාව සමඟ පූර්ණකාලීනව එකතුවෙලා අවුරුද්දයි මීට කලින් සතියකට දවසක් තමයි මම යුද්ධ හමුදා රෝහලට ආවේ. ඒ මම එන කාලෙදි මට තේරුණා යුධ හමුදා සාමාජිකයින් විශාල ප්‍රමාණයක් මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග වලින් පෙළෙනවා කියලා. මට අවශ්‍ය වුණා ඔවුන් වෙනුවෙන් පූර්ණ පූර්ණකාලීනව සේවය කරන්න ඒ නිසා තමයි මම යුද්ධ හමුදාවට එකතු වුණේ.
මෙ සැත්කමට භාජනය කළ රෝගියා පිළිබඳව දැන ගන්නේ කොහොමද ?
මෙයා යුද හමුදාවේ සේවය කරලා විශ්‍රාම ගිය සොල්දාදුවෙක් මෙම රෝගියාට 2015 වසරේ වගේ ඉඳලා යම් යම් වේදනාවන් ඇති වෙලා ප්‍රතිකාර අරගෙන තියෙනවා. නමුත් ඔහුට නිසි ප්‍රතිකාර ලබාගෙන නැහැ ඔහු යුද්ධ හමුදා රෝහලට ආවේ පසුගිය මැයි මාසේ ඔහුගේ රෝග ලක්ෂණ අනුව අපි ඔහු පිළිබඳව පරික්ෂණ කිරීම ආරම්භ කළා.
ඒ පරික්ෂණ මොනවාද ?
ඒ අනුව ඔහුව යුද හමුදාවේ තියෙන රේඩියෝලොජි ඩිපාර්ට්මන්ට් එකේ තමයි අපි මුලින්ම ගලක් තියනවා කියලා ස්කෑන් එකක් කරලා තහවුරු කර ගත්තේ විශාල වකුගඩු ආශ්‍රිත ගලක් මොහුගේ වර්ධනය වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ සීටී ස්කෑන් එකේදි අපිට නිරීක්ෂණය වුණා සෙන්ටිමීටර් 13.2 ක ප්‍රමාණයක ගලක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි මේ ගල ඉවත් කිරීම ඒ සඳහා රෝගියා සූදානම් කිරීම සහ අපි සූදානම් වීම සිදු කළා .
මේක ගිනස් පොතට යන වාර්තාවක් කියල ඔබ දැනගෙන හිටියාද?
ඇත්තටම මේ පිළිබඳව අපි ස්කෑන් වලදී දැනගත්තා. මෙච්චර කල් ලෝකයේ තිබුණු වාර්තාව තමයි 2004 වර්ෂයේ ඉන්දියාවේ මුම්බායි හිදී රෝගියෙක් ගෙන් ඉවත් කරපු සෙන්ටිමීටර 13 ක් දිග වකුගඩු ගලක්. ඒ වගේම පස්සේ අපිට දැන ගන්න ලැබුණා මිට පෙර ගිනස් වාර්තාවට හිමිකම් කියපු වකුගඩුවකින් ඉවත් කරපු විශාලම ගලේ බර ග්‍රෑම් 620ක් කියලා. ඒක 2008 වසරේ දී පාකිස්ථානයේ පුද්ගලයෙකු ගෙන් වාර්තා වෙලා තිබුනේ.
කොහොමද ගිනස් වාර්තාවක් වෙනුවෙන් මේ වගේ සැත්කමක් සූදානම් කළේ?
ඒක දීර්ඝ ක්‍රියාවලියක් අපි මුලින්ම මේ පිළිබඳව සැලසුම් කළා ඉන් පසුව මේ සම්බන්ධයෙන් අපේ යුද්ධ හමුදා රෝහලට සම්බන්ධ මෞත්‍ර විශේෂඥ වෛද්‍ය වරු දෙන්නෙක් මේ කටයුතු නිරීක්ෂණය කළා. ඒ වගේම සියලුම දේ සිදු කළේ ගිනස් කමිටුවේ නිරීක්ෂණ වලට යටත්වයි.
මෙම ශල්‍යකර්මයට පෙර සූදානම කොහොමද සිදුකළේ?
මේක රෝගියාගේ දකුණු පස වකුගඩුව විවෘත කරලා කරන Right Side Pyelolithotomy කියන ශල්‍යකර්මය. අපි රෝගියාට ඇතිවිය හැකි සියලුම සංකූලතා පිළිබඳව සොයා බලා සූදානම් වුණා. ඩයලිසිස් කරන්න පවා සූදානම් වෙලා හිටියේ. දැඩි සත්කාර ඒකකයේ ඇඳක් සූදානම් කළා නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනෙක් සහ වෙනත් වෛද්‍යවරුන් තුන්දෙනෙක් සහිත පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අපි සූදානම් කලා. මොකද මෙම සැත්කම ගොඩක් වගකීමෙන් කරන්න ඕන සැත්තමක්. ඒවගේම මේක අපිට ලොකු අභියෝගයක් වුන ශල්‍යකර්මයක්.
මේ වගේ ශල්‍යකර්මයකින් පසුව මොනවගේ සංකූලතා ඇතිවෙන්න පුළුවන්ද?
විශේෂයෙන්ම වකුගඩුවලට හානි වෙන්න පුළුවන් නමුත් රෝගියාට එවැනි කිසිදු සංකූලතාවක් ඇති වුණේ නැහැ. ඒ වාගෙම තමයි මේ රෝගියා කිසිදු වෙනත් රෝගයකින් පීඩා නොවීම අපේ ශල්‍ය කර්මයට තවත් පහසුවක් වුණා.
ඇත්තටම මේ වගේ වකුගඩු ආශ්‍රිත ගලක් ඇතිවීමට ප්‍රධාන හේතු මොනවාද ?
අපේ මේ රෝගියා ඔහුගේ යුද හමුදා සේවා කාලයේ වැඩි කාලයක් උතුරු නැගෙනහිර පළාත් වල සේවය කරලා තිබුණා ඒ ප්‍රදේශයේ වතුර ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා. ඒ වගේම දෛනිකව අවශ්‍ය පානීය ජලය ප්‍රමාණවත්ව ලබා නොගැනීම තමයි තවත් ප්‍රධාන හේතුවක් වෙන්නේ. අනෙක් සුවිශේෂම කාරණය තමයි ශ්‍රී ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ගල් ඇතිවීම වැඩිපුරම වාර්තා වන කලාපයේ අපි ඉන්නේ ‘world stone belt’ තියෙන කලාපයේ මේ කලාපයේ පවතින කාලගුණික දේශගුණික සාධක සහ සමාජ තත්ත්වයන් නිසා මේ කලාපය රතු කලාපයක් විදියට හඳුන්වනවා.
යුද්ධ හමුදා සාමාජිකයන් අතර මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග වැඩිපුර වාර්තා වෙනවාද?
ඔවු මට එවැනි රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. මම යුද්ධ හමුදාවට බැඳුණු ප්‍රධානම හේතුවත් මේ කාරණය තමයි.
එලෙස වාර්තා වීමට ප්‍රධාන හේතු මොනවාද?
ඔවුන්ට රාජකාරි අතරතුර පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ දුෂ්කරතා මතු වෙන්න පුළුවන් ඒවා ගැන ඔවුන්ගේ රාජකාරි ස්වභාවය අනුව මේ දේවල් බලාගන්න පුළුවන් අපි මේ සැත්කම කරපු රෝගියාත් වැඩි කාලයක් සේවය කරලා තිබුණේ උතුරු නැගෙනහිර පළාත් වල ඒ ප්‍රදේශවල ජලයේ තිබෙන කඨිනතාවය තමයි මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ.
මේ තත්ත්වය යටතේ යුද හමුදා රෝහල සූදානම් ද ඔවුන් සඳහා පූර්ණ පූර්ණකාලීන ප්‍රතිකාර ලබා දෙන්න?
ඔව් අපි සූදානම් අපි මීට පෙර මෙවැනි සැත්කම් සදහා අපේ රෝගීන් ජාතික රෝහලට යොමු කළා. නමුත් දැන් අපි ලිංගික පද්ධති ආශ්‍රිත කිසිම රෝගියෙක් ජාතික රෝහලට යොමු කරන්නේ නැහැ ඔවුන්ගේ සැත්කම් සඳහා සඳහා සියලුම පහසුකම් අද වෙනකොට යුද්ධ හමුදා රෝහල සතුයි.
අපි දැන් මේ ගිනස් වාර්තාව පිළිබඳව කතා කරමු යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මෙවැනි සැත්කමක් මීට පෙර කළා කියලා වාර්තා වෙනවද?
නෑ මේ තරම් විශාල වකුගඩු ආශ්‍රිත ගලක් යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍යවරුන් විසින් සාර්ථකව ඉවත් කරපු පළවෙනි අවස්ථාව තමයි මේ ඒ වගේම මේක ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව ලෝකයට කියන්න හොඳම අවස්ථාවක් යුද්ධ හමුදාව සහ රටක් විදිහට අපි ලෝකය ඉදිරියේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.ඒ වගේම තමයි වෛද්‍ය විද්‍යාත්මක කාරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ පළවෙනි ගිනස් වාර්තාව තමයි මේ ඒ අභිමානය රටට අරන් දීම යුද හමුදාව වශයෙන් අපිට විශාල ආඩම්බරයක්.
මෙවැනි රෝග තත්වයන්ගෙන් වැළකෙන්න මොනවගේ පියවර ද අනුගමනය කරන්න ඕනේ?
ප්‍රධානම දේ තමයි පිරිසුදු පානීය ජලය දෛනිකව අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීම
මේ සැත්කම සම්බන්ධයෙන් ඔබට යුද්ධ හමුදාධිපති ප්‍රණාම පදක්කම හිමි වුණා නේද?
ඔව් යුද්ධ හමුදාධිපතිතුමා මාව මේ ගිනස් වාර්තාව ලබා ගැනීමෙන් පසුව කැඳෙව්වා. යුද්ධ හමුදාධිපති ප්‍රශංසා පදක්කම ලබා දුන්නා .ඒ ගැන මම ඇත්තටම සතුටු වෙනවා.
සැත්කමට භාජනය වූ විශ්‍රාමික යුද්ධ හමුදා කෝප්‍රල් කැනිස්ටර් කුඤ්ඥෙ
මම යුද්ධ හමුදාවට බැඳුණෙ 1995. මම දිගටම රාජකාරි කළේ උඩහ පැත්තේ. මම නන්දිකඩාල් දක්වාම යුද්දෙ හිටියා. මම 2109 තමයි විශ්‍රාම ලබාගත්තේ. ඒ කාලෙත් මට වරින්වර බඩේ කැක්කුමක් ඇතිවුණා. මම පැන්ෂන් ගියාට පස්සේ මේ බඩේ කැක්කුව ලොකුවට දැනෙන්න පටන් ගත්තා. මම 2023 දි තමයි සුදර්ශන් සර් ළඟට බෙහෙත් ගන්න ආවේ. සර් මාව පරික්ෂා කරලා තමයි මගේ වකුගඩුවේ ගලක් තියෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ පහුගිය පළවෙනිදා මගේ ඔපරේෂන් එක කළා. දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. මට දැන් ලොකු සහනයක් තියෙනවා. දැන් මට 100% ක් සනීපයි කියලා දැනෙනවා.
අනුග්‍රහය - අද පුවත්පත