ගුවන් හමුදාපතිවරයා හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර වි‍ශේෂ හමුවක්

ජුනි 29, 2023

නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර විශේෂ හමුවක් අද දින රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

කෙටි සාකච්ඡාවකින් අනතුරුව එයාර් මාර්ෂල් සුදර්ෂන පතිරණ මහතා තම ධුර කාලය තුළ ලබාදුන් මගපෙන්වීම සහ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා නික්ම යන ගුවන් හමුදාපතිවරයාට ඉදිරි සියලු කටයුතු සදහා සුබ පැතුම් එක් කළේය.

අනුග්‍රහය - www.airforce.lk