නව ගුවන් හමුදා ප්‍රධානි සිය ධූරයේ වැඩ භාර ගනී

ජුලි 03, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජුලි මස 01 වන දින  සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින්, පවුලේ සාමාජිකයින් සහ සුභපතන්නන් සහභාගී විය.