තායිලන්තයේ පැවැත්වෙන 25 වන අසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී
ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න
මිටර් 1500 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනියි

ජුලි 13, 2023

තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන, 25 වන අසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දින (2023 ජුලි 12) පැවති මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව, එම ඉසව්වේ ලෝකඩ පදක්කම මව්බිමට දිනාදීමට සමත් විය.

ඒ අනුව, මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 04 තත්පර 14.39 කින් විශිෂ්ඨ ලෙස නිමා කරමින්, එහි ලෝකඩ පදක්කම දිනාගැනීම මඟින් කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙනදීමටත් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවීමටත් සමත් විය.

තවද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව 25 වන අසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 කාන්තා ධාවන තරඟය සදහා ද සහභාගීවීමට නියමිතව ඇත.

අනුග්‍රහය - www.navy.lk