යුද හමුදාව විසින් කහ සහ එනසාල් තොගයක් අත්අඩංගුවට ගනී

දෙසැම්බර් 15, 2020

නීති විරෝධී කහ කිලෝග්‍රෑම් 4300 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 80 ක් සහ සැකකරුවෙකු සමඟ මන්නාරම පිහිටි 54 වන සේනාංකයේ 11වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 27.4 ක් වටිනා මෙම කහ සහ එනසාල් තොගය තම පෞද්ගලික මෝටර් රථයෙන් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබියදී ලැබුණු තොරතුරකට අනුව එම සැකකරු සමඟ අත්අඩංගුවට ගැනීමට භටපිරිස් සමත්ව ඇත.

වැඩිදුර පරීක්‍ෂණ සඳහා සැකකරු, කහ සහ එනසාල් තොගය තලෙයිමන්නාරම පොලිසියට භාරදී තිබේ.