ධූරයෙන් නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ජුලි 19, 2023

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කුරියන් ජේකබ් මැතිතුමා සිය ධූරකාලය නිම කිරීමෙන් අනතුරුව ඊයේ (ජුලි 18) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, පසුව ඔහු සමඟ සුහද කතාබහක ද නිරත විය.

දැනට පවතින සුහදශීලී ද්විපාර්ශ්වික හමුදාමය රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවත්වා ගැනීම සඳහා දක්වන ලද සහයෝගීතාවය වෙනුවෙන් නික්ම යන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිය කෘතඥතාවය පළ කළේය.

මෙහිදී අමාත්‍ය තෙන්නකෝන්, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත සමරු තිළිණ ප්‍රදානයක් සිදුකරන ලදි.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ද සහභාගී විය.