යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිළිබඳ තර්ජන
තක්සේරු වාර්තාව ඉදිරිපත් කරයි

ජුලි 19, 2023

සිවිල් ගුවන් සේවා තර්ජන තක්සේරු කිරීමේ කමිටුව අද (ජූලි 19) යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිය විස්තීර්ණ තර්ජන තක්සේරු වාර්තාව ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ජාතික බුද්ධි ප්‍රධානීගේ අධීක්‍ෂණය යටතේ පත් කරන ලද කමිටුව විසින් සිදුකරන ලද ක්‍රමානුකූල හා විද්‍යාත්මක සමීක්ෂණයන් මගින් කරන ලද නිරීක්‍ෂණ සහ නිර්දේශයන්ගෙන් සමන්විත වාර්තාව ඉදිරිපත් කරන ලදී.මෙම කමිටුව ගුවන් සේවා, ආගමන හා විගමන, රේගු අධිකාරිය, ආරක්‍ෂක හා බුද්ධි අංශ යන ක්ෂේත්‍රවල විශේෂඥයින්ගෙන් සමන්විත විය.

ශ්‍රී ලංකාවේ සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපළවල ආරක්‍ෂක තත්ත්වය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීමට හා අවශ්‍ය නිර්දේශ යෝජනා කිරීමට කමිටුව අදහස් කරයි.