JMSDF SAMIDARE (DD-106) නෞකාව කොළඹ වරායට සේන්දු වේ

ජුලි 20, 2023

නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි ජපාන සමුද්‍රීය ස්වංආරක්‍ෂක බලකායේ Destroyer SAMIDARE නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (ජූලි 20) නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදි.

මීටර් 151 ක දිගකින් යුත් මෙම නෞකාව කාර්ය මණ්ඩල 195 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම සංචාරයට SAMIDARE හි අණදෙන නිලධාරී, කොමාන්ඩර් OKUMURA Kenji සහ ධජ නිලධාරී, රියර් අද්මිරාල් NISHIYAMA Takahiro එක්ව සිටිති.

මෙම නෞකාව ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ, ජපාන සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර සහයෝගීතාව සහ සුහදතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට කාර්ය මණ්ඩලය සහභාගී වනු ඇත. ඊට අමතරව, ඔවුන් මෙරට සංචාරක ස්ථාන කිහිපයක් නැරඹීමටද  අපේක්‍ෂා කෙරේ.

මෙම නෞකාව ජූලි මස 29 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිත අතර, පිටත්ව යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් සමඟ කොළඹට ඔබ්බෙන් වූ මුහුදේදී  PHOTOEX අභ්‍යාසය සඳහාද  සහභාගී වනු ඇත.

අනුග්‍රහය - www.navy.lk