ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇල්ල ප්‍රදේශයේ ගින්න නිවා දමයි

ජුලි 24, 2023

කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටරයක් යොදා ගනිමින් බම්බි බකට් මෙහෙයුම් සිදුකර බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශයේ ඊයේ (ජුලි 23) ඇති වූ හදිසි ගින්නක් මැඩපවත්වා ඇත.

මෙම මෙහෙයුම් සඳහා ගොඩබිම් ආධාරකයක් ලෙස ගුවන් හමුදා ගිනිනිවන රථ සහ ගිනිනිවන භටයින් ද යොදවා ගත් බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.