රණවිරු දරුවන් පස් දෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්ව

ජුලි 24, 2023

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගත් රණවිරු දරුවන් 5 දෙනෙකු සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික)  ආරාධනයෙන් අද දින සිදු කෙරිණි.

ඉතාලියේ හා මෙරට වෙසෙන පරිත්‍යාගශීලී පිරිසකගේ  පුද්ගලික ධන පරිත්‍යාගයෙන් එක් රණවිරු දරු වෙකුට  වසර දෙකක් සදහා රුපියල් 120,000.00 වටිනා ශිෂ්‍යත්වයක් ලබාදීමට කටයුතු කරන ලදී.අධ්‍යාපනය තුළින් රණවිරු දරුවන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ .

පරිත්‍යාගශීලී එව්මි සේනාධීර මහත්මිය රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු, ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් රණවිරු දූදරුවන් සහ එම දෙමව්පියන් සමගින් මෙම අවස්ථාවට සහභාගි විය.