උදයාර්කට්ටු ප්‍රදේශයේ පවුලකට යුධ හමුදාව වෙතින් නව නිවසක්

ජුලි 25, 2023

යුධ හමුදාව විසින් උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර එය ප්‍රතිලාභීන් අතට පත් කිරීම පසුගියදා පැවති කෙටි උත්සවයකදී සිදු කෙරිණ.
 
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 68 පාබල සේනාංකය යටතේ ඇති 681 පාබල බලසේනාවේ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ  භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම  ලබා දුන් අතර, මූල්‍ය ආධාර ආනන්දපුරම් හි  එස්  පුනිදවලන් මහතා සහ වලයිමඩම්හි   එම් බී  ඇන්ටන් මහතා විසින්  සපයන ලද බව   යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.
 
ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එම් කේ  ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති නිවස භාරදීමේ  උත්සවයේදී නව නිවසේ ප්‍රතිලාභියා වන  සුතතිපුරම් ජනපදයේ විජයකුමාර් දනුෂාන් මහතා විසින් නිවසේ යතුර ලබා ගන්නා ලදී.මෙම අවස්ථාවට යුධ හමුදා  නිලධාරීන්, සෙසුනිලයින්, රාජ්‍ය නිලධාරීන්, ඥාතීන් සහ ප්‍රදේශයේ  සිවිල් වැසියන් පිරිසක්ද සහභාගී විය.