හමුදා මෝටර් රථ නිෂ්පාදනය සඳහා යුද හමුදාවේ අවධානය

දෙසැම්බර් 15, 2020

නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මෑතකදී කොස්ගම පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකා මූලික වැඩපලේ දී මෝටර් රථ නිෂ්පාදනය සඳහා වැඩ කටයුතු අරඹන ලදි .

මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී විය.

මෙහි නිෂ්පාදන, ජාතිය ගොඩනැඟීමේ ක්‍රියාවලිය ඇතුළු ජාතික ආරක්ෂක ප්‍රයත්නයන් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීමට ද අපේක්ෂා කෙරේ.

ඒ අනුව ඇවලෝන් 6x6, අයිමොව් 4x4 සහ යුනිකෝල්ට් යන රථ මෙහි නිපදවන ලදි.

කැමරා, ඩ්‍රෝන් ආදි නවීන උපාංගයන්ගෙන් සමන්විත වෙඩි නොවදින පහසුකම් ආදියෙන් සමන්විත ඇවලොන් 6x6 රථයට ඕනෑම භූමි ප්‍රදේශයක සිට කෘතීම බුද්ධිය භාවිත කරමින් තොරතුරු රැස් කිරීමේ හැකියාව පවතින් බව යුද හමුදාව පවසයි.