රට වෙනුවෙන් දිවිපිදූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා සාමාජිකයන් සිහිකරමින් විශේෂ ආගමික වැඩසටහනක්

අගෝස්තු 04, 2023

දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මෝහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර්. ස්ටෙපන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලින් ද අල්විස්, ලුතිනන් කමාන්ඩර් සී.බී විජේපුර, සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ යන හමුදා සාමාජිකයන්ගේ 31 වැනි ගුණ සමරුවට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 03) දින තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පවත්වන ලදී.

1992 අගෝස්තු 08 වැනි දින යාපනයේ කයිට්ස් හි අරාලි තුඩුවේ බිම් බෝම්බයක් පිපිරී මියගිය ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන්ගේ  31 වැනි ගුණ සමරුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සමරු උත්සව පැවැත්විණි.

මෙම රණවිරුවන් වර්ෂ 1992 අගෝස්තු 8 දින යාපනයේ අරාලි තුඩුවේදී එල්ටීටීඊ ත්‍රස්වාදීන් ඇටවූ බිම්බෝම්බයකට ගොදුරු වීමෙන් මව්බිම වෙනුවෙන් සිය ජීවිත පූජා කළේය. දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පවුලේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම දේව මෙහෙය එතුමන්ගේ භාර්යාව වන ලලී කොබ්බෑකඩුව මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පැවති විශේෂ දේව මෙහෙය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්පිල්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්පිල් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පවුලේ සාමාජිකයින් එක්ව සිටියහ.

අනුග්‍රහය- www.army.lk