යුද හමුදා භට පිරිස් යාපනය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨ පරිශ්‍රයේ ඇතිවූ
ගින්නක් මැඩපවත්වයි

අගෝස්තු 05, 2023

කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පරිශ්‍රයේ වේගයෙන් පැතිර යමින් තිබූ ලැව් ගින්නක් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ඊයේ (අගෝස්තු 04) සවස මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් 57 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ගේ උපදෙස් මත කඩිනමින් ගින්න මැඩපැවැත්වීම සඳහා සහභාගී වූ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.

කිලිනොච්චි මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ සහය ඇතිව ජල බවුසර් සහ ගිනි නිවන උපකරණ යොදා ගනිමින් හමුදා භට පිරිස් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බව වාර්තාවේ.